දුෂ්කර පාසලකට ආධාර කිරීම

මෙම ව්‍යාපෘතිය මගින් වාර්ෂිකව දුෂ්කර පාසලක සිසුන් සඳහා වසරකට අවශ්‍ය පොත්පත් හා ලිපිද්‍රව්‍ය ලබාදීමත් පාසලේ භෞතික සම්පත් වල අඩුපාඩු සලකා බලමින් අවශ්‍යතා සපුරාලීමත් සිදුකරනු ලබයි.

2019 බලංගොඩ රාස්සගල

අප විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අති දුෂ්කර පාසලකට ආධාර කිරීමේ ව්‍යාපෘතිය 2019 වසරේ දෙසැම්බර් 25,26,27,28
දින වලදී පවත්වනු ලැබීය.මේ සදහා රාස්සගල, ඌවැල්ල ප්‍රදේශයේ, සමන්පුර සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලය තෝරාගන්නා ලදි.රත්නපුර නගරයේ සිට 40km පමණ දුරින් දුෂ්කර ගම්මානයක පිහිටා ඇති මෙම පාසලට 3km පමණ පයින් ගමන් කල යුතුය.දැනට මෙම විදුහලේ සිසුන් 49ක් ඉගෙනුම ලබයි.අප විසින් වාර්ෂිකව තෝරාගන්නා මෙවැනි පාසලක සිසු දරුවන් හට වසරකට ප්‍රමාණවත් පොත්පත්,ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලබයි.මීට අමතරව මෙම වසරේදී පාසලේ දුෂ්කර ස්වභාවය සලකා පහත සදහන් උපකාරද සිදු කරන ලදි.

1.ගොඩනැගිල්ලේ ආරක්ෂාව සලකා කවුලු සඳහා යකඩ දැල් සහ

දොරවල් සවි කිරීම.
2.පාසල් ගොඩනැගිල්ලේ හා ඩෙස් පුටු වල තින්ත ආලේප කිරීම.

ව්‍යාපෘතිය සදහා නන් අයුරින් දායක වූ සැමට ස්තූතියි.

2018 පස්සර මඩොල්සිම

අප විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අති දුෂ්කර පාසලකට ආධාර කිරීමේ ව්‍යාපෘතිය 2018 වසරේ දෙසැම්බර් 25 වන දින පැවැත්විය.මේ සදහා පස්සර, මඩොල්සිම ප්‍රදේශයේ, ගල්වෙලගම ප්‍රාථමික විද්‍යාලය තෝරාගන්නා ලදී.

පස්සර නගරයේ සිට 27km පමණ දුරින් දුෂ්කර ගම්මානයක පිහිටා ඇති මෙම පාසලට 7km පමණ පයින් ගමන් කල යුතුය.දැනට මෙම විදුහලේ සිසුන් 18ක් ඉගෙනුම ලබන අතර එක් ගුරුවරියක් පමණක් සේවය කරයි.

අප විසින් වාර්ෂිකව තෝරාගන්නා මෙවැනි පාසලක සිසු දරුවන් හට වසරකට ප්‍රමාණවත් පොත්පත්,ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබුවෙමු.මීට අමතරව මෙම වසරේදී පාසලේ දුෂ්කර ස්වභාවය සලකා තවදුරටත් උපකාර කිරීමට සැලසුම් කරනු ලැබූ අතර ඒ යටතේ පහත සදහන් දේ සිදු කරන ලදී.

1.පාසලට නිසි ජල සැපයුමක් ‌නොතිබි බැවින් ඒ සඳහා සුදුසු වැඩ පිලිවෙළක් සකස් කිරීම.
2.සිසු දරුවන් හට පුස්තකාලයකට අවශ්‍ය පොත්පත් සහ රාක්ක ලබාදීම .
3.උස් ස්ථානයක පාසල පිහිටා ඇති බැවින් ආරක්ෂිත වැටක් ඉදි කිරීම.
4.පාසලේ පවතින එකම ගොඩනැගිල්ල පිළිසකර කිරීම හා තීන්ත ආලේප කිරීම.
මේ සඳහා නන් අයුරින් සහය දැක්වූ ඔබ සැමට ස්තූතියි!!!

2017 දඹුල්ල අලකොලවැව

අප විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන අති දුෂ්කර පාසලකට ආධාර කිරීමේ ව්‍යාපෘතිය 2017 වසරේ දෙසැම්බර් 31 වන දින සාර්ථකව පවත්වන ලදී. මේ සදහා මෙවර අප තෝරාගත්තේ
දඹුල්ල නගරයේ සිට 20km පමණ දුරින් දුෂ්කර ගම්මානයක පිහිටා ඇති අලකොල වැව ප්‍රාථමික විද්‍යාලයයි. මෙම පාසලට 4km පමණ පයින් ගමන් කල යුතුයි. දැනට මෙම විදුහලේ සිසුන් 43ක් ඉ ගෙනුම ලබයි.අපි මෙම වසරේදීද මේ සිසු දරුවන් හට වසරකට ප්‍රමාණවත් පොත්පත්,ලිපි ද්‍රව්‍ය සහ අනෙකුත් පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබුවෙමු.තවද,
1. පොත්පත් කියවීමට සුදුසු එළිමහන් කියවීමේ ශාලාවක් ඉදිකිරීම.
2. සිසු දරුවන් හට පුස්තකාලයට අවශ්‍ය පොත්පත් සහ රාක්ක ලබාදීම .
3. පාසලේ පවතින එකම ගොඩනැගිල්ල පිළිසකර කිරීම හා තීන්ත ආලේප කිරීම.
4. පුස්තකාල කාමරයට සිවිලිම ගැසීම.
5.පාසලට පාසල් ද්‍රව්‍ය හා ලිපි ද්‍රව්‍ය ලබා දීම.
යන කාර්යයන් සාර්ථකව නිම කරන ලදී.
මේ සඳහා නන් අයුරින් සහය දැක්වූ ඔබ සැමට ස්තූතියි!!!

වැඩිහිටි නිවාසය ශ්‍රමදාන ව්‍යාපෘතිය ​

මෙම ව්‍යාපෘතිය මගින් සෑම වසරකම ලෝක වැඩිහිටි දිනයට සමගාමීව අම්බලන්ගොඩ පොල්වත්ත වරුසවිතාන වැඩිහිටි නිවසයේ ගොඩනැගිලි හා එළිමහන් පරිශ්‍රය පිරිසිදු කිරීම සිදුකරනු ලබයි.

2019

2017