Nayanajith Rathnayaka

B.Sc Engineering (Hons)

Nayanajith Rathnayaka

B.Sc Engineering (Hons)

දශකයකට අධික කාලයක් පුරා උපකාරක පන්ති ක්ෂේත්‍රය තුල ඉතා නිවැරැදි සහ ක්‍රමානුකූල ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් ඔස්සේ උසස් පෙළ භෞතික විද්‍යා දැනුමින් සිසුන් පෝෂණය කරන්නාවූ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය අපේ කාලයේ Physics පන්තියේ නිර්මාතෘ නයනජිත් රත්නායක, අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලෙන් උසස් පෙළ හදාරා පළමු වරම A සාමාර්ථ 3ක් ලබාගනිමින් මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වූ අතර එහි සිවිල් ඉංජිනේරු පීඨයේ ගෞරව උපාධි ධරයෙකි.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන කාලය තුළදී ද උසස් පෙළ උපකාරක පන්ති පැවැත්වූ ඔහු උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඉංජිනේරුවෙකු  වශයෙන් සේවය කළ වසර 3ක කාලය පුරාත් අඛණ්ඩව පන්ති පවත්වමින් සිය දැනුම හා අත්දැකීම් උසස් පෙළ සිසුන් සමඟ බෙදාහදා ගනිමින් සිය ගුරු භූමිකාව දිනෙන් දින වඩාත් තීව්ර කරගෙන ඇත.

මේ වනවිට පූර්ණකාලීන උපකාරක පන්ති දේශකවරයෙකු වශයෙන් සිසුන් අතර ප්‍රචලිත ඔහු සාම්ප්‍රදායික ටියුටරි ක්‍රමයෙන් බැහැරව තම සිසුන්ගේ දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කෙරෙහි වඩාත් අවධානය යොමුකරමින් , සැලසුම් සහගත ක්‍රියාවලියක් ඔස්සේ තම සෙවණ යට අකුරු කරනා දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක කඩඉමක් ජය ගැනීම සඳහා නිවැරැදිම මාර්ගය පෙන්වා දීමට ඇපකැප වී සිටී.